රටවල් රැසකින් කොරෝනා ආසාදිතයින්ගේ සීග්‍ර වැඩිවීමක්












ඉන්දියාව ඇතුළු රටවල් රැසකින් දෛනික කොරෝනා ආසාදිතයින්ගේ සීග්‍ර වැඩිවීමක් වාර්තාවේ.
 
ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ නව ආසාදිතයින් ඉහළ යාමට 'ඔමික්‍රෝන් ' ප්‍රභේදය බල පා ඇති බවය.
 
ඉන්දියාවේ දෛනික ආසාදිතයින් ලක්‍ෂයකට ආසන්න වේ. එර‍ට පළමු ඔමික්‍රෝන් වෛරස ආසාදිත පුද්ගලයා පෙරේදා මිය ගියේය. ඒ සමඟ දිල්ලි සහ මුම්බායි යන නගර තුළ ඇඳිරි නීතිය පැනවීමට ඉන්දීය බලධාරීන් ක්‍රියා කර තිබේ.
 
මේ අතර වෛද්‍ය සමීක්‍ෂණ මගින් පෙන්වා දී ඇත්තේ ඔමික්‍රෝන් ප්‍රභේදය අමෙරිකාවේ වේගයෙන් පැතිර යන බවය.  


 

Post a Comment

0 Comments