උතුරු දිග පකිස්තානයේ කඳුකර මාර්ගයක අධික හිම පතනයට ගොදුරුවීමෙන් 21 දෙනෙකු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
වාහන 1,000 ක් පමණ සම්පූර්ණයෙන් හිමෙන් වැසී ගොස් තිබූ බව සහන සේවකයින් පවසයි. හිම කුණාටුවට ගොදුරුවූයේ සංචාරක නිකේතනයක් වන මුරේ කඳුකර නගරය වෙත ගමන් කරමින් සිටි පිරිසකි. හදිසියේ හිම පතනය දරුණුවීමෙන් කඳුකර මාර්ගයේ කොටසක් හිම තට්ටුවලින් වැසී ගියා. නගරය බලා යමින් සිටි පිරිස රථ වාහන තුළම කොටුවිය.
හිම තට්ටු ඉවත්කර ඔවුන් බේරාගැනීම සඳහා සහන සේවා ක්‍රියාත්මකය.
ඇතැම් පුද්ගලයන් වාහන තුළම ගස් ගැසී මියගොස් සිටිබව, සහන සේවකයන් පවසයි. පසුගිය දින කිහිපය තුළ හිම පතනයෙහි සුන්දරත්වය විඳගැනීම සදහා ලක්ෂ සංඛ්‍යාත පිරිසක් සංචාරක නිකේතනය වෙත පැමිණ තිබේ. එහෙත් දැන් එම කලාපය ආපදා ප්‍රදේශයක් ලෙස නම්කොට ජනයා ඉවත් කිරීමට පාකිස්ථාන රජය පියවර ගෙන ඇත.
0 Comments