තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්තානයේ ස්වාධීන නූරින් රූපවාහිනි මධ්‍යස්ථානයේ හිමිකරු හාජි ආරිෆ් නූරි රඳවා තබා ගැනීම හෙළා දකිමින් බෙල්ජියමේ ගවේෂණාත්මක මාධ්‍ය ආයතනයක් ප්‍රකාශයක් නිකුත් කර තිබේ. ඇෆ්ගනිස්තානයේ මාධ්‍යයට ප්‍රහාර එල්ල කිරීම වහාම නවත්වන ලෙසත්, එරට භාෂණ නිදහස තහවුරු කරන ලෙසත් එම මාධ්‍ය ආයතනය තලේබාන් සංවිධානයෙන් ඉල්ලා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
පසුගිය වසරේ දෙසැම්බර් 26 වැනිදා කාබුල් නුවර පිහිට ආරිෆ් නූරිගේ නිවස වටලා ඔහු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඊට දින දෙකකට පසු නිදහස් කර ඇත. තලේබාන් සංවිධානයට සම්බන්ධ හමුදා කණ්ඩායමක් මේ වැටලීම සිදුකර ඇතැයි ද, අත් අඩංගුවට ගැනීමෙන් පසු ස්වාධීන නූරින් රූපවාහිනි මධ්‍යස්ථානයේ හිමිකරු හඳුනා නොගත් එක්තරා ස්ථානයකට රැගෙන ගොස් තර්ජනය කර ඇතැයි ද වාර්තා වේ.
සෝදිසි කිරීමේ හෝ අත්අඩංගුවට ගැනීමේ කිසිදු වරෙන්තුවකින් තොරව හමුදා කණ්ඩායමක් පැමිණ නූරි අත්අඩංගුවට ගත් බව ඔහුගේ පවුලේ සාමාජිකයෝ තහවුරු කළහ.
0 Comments