පාසල් ක්‍රිකට් පිටිය








ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධාන කරන අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලිය යටතේ පැවති අවුරුදු 17න් පහළ පළමු කොටසේ තරග කිහිපයකදී ජයග්‍රහණ අත් කර ගැනීමට කොළඹ ලුම්බිණි, මහනුවර සාන්ත අන්තෝනි, මහනුවර ධර්මරාජ, සඳලංකා මධ්‍ය මහ විදුහල, වෙන්නප්පුව ජෝසප් වාස්, හලාවත සාන්ත මේරිස් සහ මාතලේ සාන්ත තෝමස් විදුහල් සමත් විය.

ලුම්බිණියට කඩුලු 10ක ජය

කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර විදුහල සමඟ එම විදුහල් පිටියේ පැවති තරගය කඩුලු 10කින් ජය ගැනීමට කොළඹ ලුම්බිණි විදුහල සමත් විය.

ජයවර්ධනපුර විදුහල - 91 (ඕවර 39.1) පැතුම් ධනංජය 32 (මලිත් බිම්සර 24/3, සහන් කෞෂල්‍ය 14/3, නදීල් බජුඩීන් 1/2)

ලුම්බිණි විදුහල - 92/0 (ඕවර 7.3) නදීල් බජුඩීන් නොදැවී 54, ධනිත සන්දේෂ් නොදැවී 26

සා. අන්තෝනි කඩුලු 10කින් දිනයි

කටුගස්තොට ශ්‍රී රාහුල විදුහල විදුහලට එරෙහිව පැවති තරගය කඩුලු 10කින් ජය ගැනීමට මහනුවර සාන්ත අන්තෝනි විදුහලට හැකි විය.

ශ්‍රී රාහුල විදුහල - 104 (ඕවර 34.2) කාව්‍ය අශාන් 28 (ඉෂ්වර මදුවන්ත 10/2, ජනිත් රත්නසිරි 12/2, හෂාන් යාපා 22/2)

සා. අන්තෝනි විදුහල - කිසිවකු නොදැවී 106. අයි. ගලපිටගේ නොදැවී 57, තිසර ඒකනායක නොදැවී 38

ධර්මරාජය ලකුණු 140ක ජයක්

කෑගල්ල සාන්ත මේරිස් විදුහල සමඟ කෑගල්ල මහජන ක්‍රීඩාංගණයේ පැවති තරගය ජය ගැනීමට මහනුවර ධර්මරාජ විදුහල සමත් වූයේ ලකුණු 140කිනි.

ධර්මරාජ විදුහල - 187 (ඕවර 48) හේසර රාජපක්ෂ 70 (තේමිය නිලක්ෂණ 41/3, සම්පත් මදුසංක 22/2, මදුෂාන් ආරච්චි 30/2)

සා. මේරිස් විදුහල - 47 (ඕවර 17.5) (දුලාර බන්දුලසේන 0/3, අරෝෂ මහගෙදර 4/2, දක්ෂිත මනුකල්ප 9/2, ඔනජිත් සිල්වා 10/2)

සඳලංකා විදුහල ජය ගනී

ගිරිඋල්ල වික්‍රමශීලා මධ්‍ය මහ විදුහල සමඟ පැවති තරගය ලකුණු 47කින් ජය ගැනීමට සඳලංකා මධ්‍ය මහ විදුහල සමත් විය.

සඳලංකා ම.ම. විදුහල - 247/7 (ඕවර 50) යොහාන් දේවප්‍රිය 60, යසිරු සන්දේශ් 54 (රොෂාන් මධුෂංක 24/2, කනිෂ්ක ඉමේෂ් 36/2)

වික්‍රමශීලා ම.ම. විදුහල - 201 (ඕවර 35.2) මිනිදු බණ්ඩාර 39 (යොහාන් දේවප්‍රිය 34/3, උවිඳු පුන්සර 22/2, දමීෂ පාලින්ද 32/2, අයෝධ්‍ය සත්‍යජිත් 42/2)

ජෝසප් වාස් කඩුලු 5කින් දිනයි

මහනුවර සාන්ත සිල්වෙස්තර විදුහල සහ වෙන්නප්පුව ජෝසප් වාස් විදුහල අතර, වෙන්නප්පුවේ පැවති තරගය කඩුලු 5කින් ජය ගැනීමට ජෝසප් වාස් පිලට හැකි විය.

සා. සිල්වෙස්තර විදුහල - 124 (ඕවර 46.4) කවිෂ්ක ඉමේෂ් 55 (ශෙනිත් දුලක්ෂණ 17/2, දසුන් පෙරේරා 21/2)

ජෝසප් වාස් විදුහල - 126/5 (ඕවර 31.3) විශ්ව රාජපක්ෂ 70

සා. මේරිස් විදුහලට ජය

මීගමුව සාන්ත පීතර විදුහලට එරෙහිව හලාවතදී පැවති තරගය කඩුලු 7කින් ජය ගැනීමට හලාවත සාන්ත මේරිස් විදුහල සමත් විය.

සා. පීතර විදුහල - 97 (ඕවර 29) කවීෂ ලක්ෂාන් 23 (ජෝර්ජ් මෙන්ඩිනන් 23/4, නෙත්සර පීරිස් 22/2, ජූඩ් ප්‍රනාන්දු 14/2)

සා. මේරිස් විදුහල - 98/3 (ඕවර 14.5) මලීෂ නෙතුෂෙයාල් 44, ශවී වීරසූරිය 30

මාතලේ සා. තෝමසයට ජය

මහනුවර කිංස්වුඩ් විදුහල කඩුලු 6කින් පරාජය කිරීමට මාතලේ සාන්ත තෝමස් විදුහල සමත් වූයේ මාතලේ පැවති තරගයේදීය.

කිංස්වුඩ් විදුහල - 102 (ඕවර 28.3) නෙනුක දිසානායක 27 (නිපුන් ලියනගේ 4/3, සිරාඩ් රුසෙයික් 32/3)

සා. තෝමස් - 103/4 (ඕවර 11) අනුරාධ රණසිංහ නොදැවී 50 (අබ්දුල් 44/4) 

Post a Comment

0 Comments